16th August 2024 13:32:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 18 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් මාලිගාවිල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසක් 2024 අගෝස්තු මස13 දින ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.
18 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමා ගේ අධීක්‍ෂණය යටතේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිවස ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහක දායකත්වය චමින්ද වෙලේගම මහතා විසින් ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යුඑස්පී පිඑස්සි සහභාගී වූයේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් ඇතුළු ප්‍රතිලාභීන්ගේ පවුල්වල ඥාතීන් සහභාගී වූහ.