16th August 2024 09:28:31 Hours
අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2024 අගෝස්තු මස 12 දින මත්තෙගොඩ පිහිටි ඉංජිනේරු බලකා කඳවුරේ නිල සංචාරයක නිරත විය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බලකාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී පීරිස් ආර්එස්පී යූඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය අනතුරුව, එම සේනාංකයේ භට පිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කිරීමෙන් පසුව, සම්මාන මුරයක්ද පුද කෙළ්ය.
මෙම වැඩසටහනට සමගාමීව බලකාධිපති තුමන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කීර්තිමත් ඉතිහාසය සිහිපත් කරමින් වර්තමානයේ මෙන්ම අනාගතයේදී ඇතිවිය හැකි විවිධ වූ තර්ජනයන්ට මුහුණදීමට නිසි සූදානමකින් සිටීමේ වැදගත්කමත්, පවතින ආර්ථික අභියෝග හමුවේ යුද්ධ හමුදා සෙබළෙකු විනය පවත්වාගෙන යායුතු ආකාරය පිලිබඳවත් අවධාරණය කරමින් ඉංජිනේරු බලකායේ 5 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, 14 රාසානියක න්‍යෂ්ඨිීක ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා රෙජිමේන්තුව සහ 16 වැඩපල ඉංජිනේරු රෙජිමේන්තු වෙහි භට පිරිස් ඇමතීය.
යුද්ධ හමුදා මූලස්ථානයෙන් වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති මගින් මෑතකදී ඉදිකරන ලද නිලධාරීන්ගේ නවාතැන් ප්‍රදේශයද එතුමන් නිරීක්ෂණය කළේය.
අනතුරුව බලකාධිපති තුමන් සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති තුමන් අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. එතුමන් සංචාරයේ වැඩකටයුතු නිමාකිරීමට පෙර නිලධාරින් සමඟින් සුහඳව අදහස් හුවමාරුකර ගනිමින් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක්ද තැබීය.