16th August 2024 23:22:43 Hours
‘LK Domain’ ලියාපදිංච් ආයතනය විසින් සංවිධානය කරන ලද‘BestWeb.lk -2024’ තරඟයෙන් රාජ්‍ය අංශයේ ‘වඩාත් ජනප්‍රිය වෙබ් අඩවිය’ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා www.army.lk නිල වෙබ් අඩවිය සම්මානයට පාත්‍ර වීය.
මෙම තරඟ අංශය සඳහා රජයේ අමාත්‍යාංශ, සංස්ථා, අධිකාරීන් ඇතුළු සියලුම ආයතනවල වෙබ් අඩවි ඉදිරිපත් කර තිබූ අතර, මහජනතාව අතර වඩාත් ජනප්‍රියම වෙබ් අඩවියට ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තෝරාපත් කරගන්නා ලදී.
සම්මාන ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (වෙබ්) ගජබා රෙජිමේන්තුවේ මේජර් යූ.ජි.ඩී.එස්. උඩගේ සහභාගී වූ අතර, ප්‍රේක්‍ෂකයන්ගේ ප්‍රීතිඝෝෂා සහ අත්පොලසන් නාදය මධ්‍යයේ එතුමන් සම්මානය භාර ගත්තේය.
යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පරිපාලනය යටතේ යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබයි.