Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2024 07:17:56 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ඒ යටතේ පාලනය වන භකාස ඒකකයන්වල නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ඒ යටතේ පාලනය වන භකාස ඒකකයන් වෙත 2024 අගෝස්තු මස 06 දින නිල සංචාරයක නිරත වූයේය.

සංචාරය සඳහා පැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව‍, ඉදිරි නඩත්තු පෙදෙස කාර්ය නියුක්ත ආඥාපති - මුලතිව් කර්නල් ඩී.බී.සී. ජයසිංහ ආර්එස්පී පීඑස්සී ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ ඒකක අණදෙන නිලධාරින් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ආඥාපතිතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර අනතුරුව, ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ අදාළ බලඇණිවල වගකීම්, භූමිකාවන් සහ කාර්යභාරයන් පිළිබඳව එතුමන් දැනුවත් කරන ලදී.

පසුව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් භට පිරිස් ඇමතීමෙන් අනතුරුව, ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් යටතේ පාලන වන බලඇණි සහ මුලතිව් හි පිහිටි යුද්ධ හමුදා මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අනතුරුව ආඥාපතිතුමන් විශේෂ අමුත්තන්ගෙ සමරුසටහන් පොතේ සටහනක්ද තබමින් සංචාරයේ වැඩකටයුතු අවසන් කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.