11th August 2024 07:17:35 Hours
විදේශීය මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.එස්. මිල්ලගල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 2024 අගෝස්තු මස 9 දින නිල සංචාරයක නිරතවිය.
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත සපැමිණි අධ්‍යක්‍ෂක තුමන් එම පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ. හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව එතුමන් සිය සංචාරය සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය. අනතුරුව, පූර්ව යෙදවීමේ කණ්ඩායම අමතමින් එක්සත් ජාතීන්ගේ සමසාධක රාජකාරින්වල ඇති වැදගත්කම අවධාරණය කළේය.
දේශනයෙන් අනතුරුව, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ වත්මන් මෙහෙයුම් සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව සේනාවිධායකතුමන් විසින් සවිස්තාරාත්මක විස්තරයක් ඉදිරිපත්කරන ලද අතර, අධ්‍යක්‍ෂකතුමන් විසන් පුහුණු පාසලේ යටිතල පහසුකම් පිළිබඳ සොයාබැලීමට කඳවුරු පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර, එතුමන් පුහුණු පාසලේ පසුකම් වැඩිදියුණු කිරිමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකරන ලදී. සමරු ඵලක හුවමාරුවකින් පසු අධ්‍යක්‍ෂක තුමන්ගේ නිලසංචාරය නිමා විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින්ද සහභාගි වූහ.