10th August 2024 12:38:52 Hours
පසුගිය වසර කිහිපය තුල ඇතිවූ ආර්ථික අර්බුදය මත මෙරටට වාහන ගෙන්වීම තහනම් කිරීම හේතුවෙන් 2020 වසරේ සිට මේ දක්වා වසර 4ක කාලයක් වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතරවිය. දැනට යුද්ධ හමුදාව තුල පවතින වාහනවලින් 70%ක ප්‍රමාණයක් අවුරුදු 15 ඉක්මවූ පැරණි වාහන නිසාවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂතුමන්ගේ අධීක්ෂණය යටතේ එම වාහන නවීකරණය කිරිම ආරම්භ කර ඇත.
මීට අමතරව, විවිධ රාජ්‍ය ආයතන විසින් භාවිතා කරන ලදුව අතහැර දැමූ වාහන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත විවිධ රාජ්‍ය ආයතනවලින් ලබාගත් භාවිතයෙන් ඉවත්කර තිබූ වාහන 09 ක් සහ යුධ හමුදාවේ රථ වාහන 12 ක් එලෙස සාර්ථකව නවීකරණය කරන ලදී.
මෙම ව්‍යාපෘතිය 2024 අගෝස්තු මස 06 දින අවසන් කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා ප්‍රවාහන මේජර් ජෙනරල් ඊ.එම්.ජී.ඒ. අඹන්පොල යන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ගේ අධීක්ෂණය යටතේ වාහන 21 ක් යළි භාවිතයට ගැනීමට හැකිවිය. මෙමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කරන අතර, ශ්‍රී ලංකාවට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි විය.