Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2024 12:40:54 Hours

මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ 32 වන ගුණානුස්මරණය කරයි

ගජබා රෙජිමේන්තුවේ ආරම්භක පුරෝගාමියා වන මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ 32 වන ගුණානුස්මරණය 2024 අගෝස්තු මස 08 දින කිරිබත්ගොඩ රණවිරු පිළිරුව අභියසදී පැවැත්විණි.

7 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයට 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්. ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, එතුමන්ගේ පුතුනුවන් වන කර්නල් එච්. විමලරත්න යුඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සමීප ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.