Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2024 12:46:02 Hours

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ 32 වන ගුණානුස්මරණය සිදුකරයි

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ 32 වන ගුණානුස්මරණය 2024 අගෝස්තු මස 08 දින යුද්ධ හමුදාධිපති,ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත පැවැත්විණි.

ඒ අනුව, දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත පිං පමුණු වීම පිණිස රුවන්වැලි මහා සෑය අභියසදී බෟද්ධ ආගමික වැඩසටහනක් සංවිධානය කරන ලදී. මීට අමතරව සාලියපුර ළමා නිවාසයේ නේවාසික දරුදැරියන් සහ කාර්ය මණ්ඩලය සඳහා විශේෂ භෝජන සංග්‍රහයක් ලබාදෙන ලදී.

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ සහභාගීත්වය සමඟින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එතුමන්ගේ පිළිරුවට හමුදා සම්ප්‍රදායානුකූල ගෞරව දැක්වීමෙන් අනතුරුව එදිනට නියමිත වැඩකටයුතු අවසන් විය.