10th August 2024 12:48:13 Hours
ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ගේ 32 වැනි ගුණානුස්මරණ උත්සවය කයිට්ස් හි අරාලි තුඩුවේ පිහිටි ස්මාරකය අසලදී 2024 අගෝස්තු මස 8 දින පැවැත්විණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙම උපහාර උත්සවයට සහභාගී වූහ. 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ මෙම සැමරුම් උත්සවය සංවිධානය කරන ලදී.
ජාතික ගීය ගායනා කිරීම සහ ආගමික වතාවත් පැවැත්වීමෙන් වැඩසටහන ආරම්භය සිදුවිය විය. අනතුරුව දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අරාලි තුඩුවේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුවිය. උත්සවය අවසානයේ බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු සිහිකිරීමේ බියුගල් නාදය වාදනය කිරිමේන් අනතුරුව, අවදිව සිට මුර කරණ සෙබළුන්ගේ ඉවත යෑම සිදුවිය.