Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2024 12:30:21 Hours

3 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

3 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.ආර් රණවීර ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2024 අගෝස්තු මස 3 දින සමරණ ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

මෙම අවස්ථාවට එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.