05th August 2024 19:26:58 Hours
2024 කාන්තා 20/20 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකාවන් පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 5 දින පවත්වන ලදී.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සැරයන් ඩී.එම්.එස්.එම්කේ දසනායක, සැරයන් ඩබ්ලිව්.ජී.ඒ.කේ.කුලසූරිය, සැරයන් එන්.එන්.ඩී. සිල්වා, සහ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.ඒ සංජීවනී යන යුද්ධ හමුදා සමාජිකාවන් ක්‍රීඩාවට දැක්වූ සුවිශේෂී දක්ෂතා, කැපවීම සහ දායකත්වය වෙනුවෙන් උපහාර පිදීය. මෙම උත්සවයේදී ඔවුන් හට සමරු ඵලක සහ මූල්‍ය පරිත්‍යාගයන් පිරිනැමිණ.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලමින් ශ්‍රී ලංකාවට අභිමානය ගෙනඑමින් ආසියානු කුසලානය දිනාගැනීමට දැක් වූ දායකත්වය වෙනුවෙන් සේනාවිධායක තුමන් එහිදී සිය ප්‍රශංසාව සහ සුබ පැතුම් පළ කළේය.