Header

Sri Lanka Army

Defender of the Nation

07th August 2024 18:30:36 Hours

ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති, ඉංජිනේරු සේවා බලකායේ හිටපු බලකාධිපතිවරුන් හට ගෞරව දක්වයි

ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ, ඉංජිනේරු සේවා බලකායේ බලකායේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ සේවය අගයමින් හිටපු බලකාධිපතිවරුන් හට ගෞරව දැක්වීමේ උත්සවයක් 2024 අගෝස්තු මස 02 දින සංවිධානය කරන ලදී.

එම ස්ථානයට සපැමිණි සම්භාවනීය ආරාධිතයින් ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සමඟ ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදිතා පෙරේරා මැතිණිය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එම පෙර සිටි බලකාධිපතිවරුන් විසින් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන්ද අගය කිරීම මෙහිදී සිදුවිය.

වත්මන් බලකාධිපතිතුමන් විසින් හිටපු බලකාධිපතිවරුන් හට ඔවුන් විසින් බළකායට කරන ලද නොකැළැල් සේවය අගය කිරීම සංකේතවත් කරමින් සමරු ඵලක ප්‍රදානය කරන ලද්දේ උත්සවයේ සමාප්තිය සනිටුහන් කිරිමේ අංගයක් වශයෙනි. මෙහිදී වත්මන් බලකාධිපති සහ හිටපු බලකාධිපතිවරුන් සිය අත්දැකීම් සහ දැනුම බෙදා ගනිමින් සුහඳ පිළිසඳරකද නිරත විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඔවුන්ගේ භාර්යාවන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ද සහභාගී වූහ.