Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2024 14:11:34 Hours

6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 17 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සිය 17 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එල්.බී.එස්.බී.යූ.කේ ලියනගෙදර පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2024 අගෝස්තු මස 02 දින උත්කර්ශවත් අයුරින් සමරන ලදී.

වැඩසටහනේ කටයුතු ආරම්භ කරමින් ප්‍රධාන දොරටුව වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරිමේන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. අණදෙන නිලධාරිතුමන් සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් පසුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයකටද සහභාගී විය.

සංවත්සර දිනයට සමඟාමීව ඉකුත් දින දානමය පිංකමක් සහ ආගමික වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වූහ.