Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2024 14:15:16 Hours

ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ ශිෂ්‍ය නිලධාරීන් 4 සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ සංචාරයක

ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ 76 වන කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් 30 දෙනෙකු 4 සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ 2024 අගෝස්තු මස 03 දින පැමිණෙන ලදී. අනතුරුව එම ඒකකයේ මෙහෙයුම් හැකියාවන් සහ උපකරණ පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සහ හමුදාවන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම එම සංචාරයේ අරමුණ විය

සංචාරයේ නියතු ශිෂ්‍ය නිලධාරීන් වෙත 4 සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එම්.වී.එම්.ආර් දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් පවත්වන ලද වැඩමුළුවේදී 4 සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ මෙහෙයුම් ඉතිහාසය පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් සහ අනතුරුව, යුද්ධ ටැංකි පිළිබඳ දැනුවත් කිරීමද සිදුවිය.