Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2024 07:30:06 Hours

මොන්ටානා ප්‍රාන්ත ජාතික ආරක්‍ෂක බළකායේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් සමන් විත දූත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්ත ජාතික ආරක්‍ෂක බළකායේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් පීටර් ජේ හ්‍රොනෙක් ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 අගෝස්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුවිය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම දූත පිරිස, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ එක්ව මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමේ සැලසුම් සකස් කිරීම ඇතුළුව හමුදා සබඳතා සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂක සහයෝගීතාවයන් වැඩිදියුණු කිරීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සුහදව සාකච්ඡා කළේය.

දෙපාර්ශවයන් අතර බෙදාගත් අන්‍යෝන්‍ය ගෞරවයන් සහ සහයෝගීතාවයන් ඉස්මතු කරමින් සමරු තිළිණ හුවමාරුවකින් අනතුරුව සාකච්ඡාව අවසන් විය.