Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2024 07:28:39 Hours

කොරියානු නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් හැන් ජොං හුන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 අගෝස්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුවිය.

එම සුහද පිළිසඳරේදී රටේ යහපත වෙනුවෙන් රට පුරා යුද්ධ හමුදාව විසින් ඉටුකරනු ලබන මෙහෙවරට ආරක්‍ෂක උපදේශකතුමන්ගේ ප්‍රසාදය පළ කළේය.

දෙරට අතර වසර ගණනාවක් තිස්සේ පවතින යහපත් සබඳතා සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඉදිරියේදී එම සහයෝගීතාවන් තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.

මෙම හමුව අවසානයේ දී දෙරටේ සහයෝගීතාවය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.