07th August 2024 18:38:24 Hours
යුද්ධ හමුදා පාපැදි කමිටුව විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපැදි තරඟාවලිය 2024 ජුලි මස 24,25 දිනවල උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේදී පැවැත්විනි. මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී විය.
මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 11 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 ක් සහභාගී වූ අතර, මෙහිදී ඔවුන් විවිධ කාණ්ඩයන් යටතේ තරඟවදින ලදී .ඒ අනුව මෙවර තරඟාවලිය කේවල කාලය මැනීමෙ ස්ටෑන්ඩට්/රේසින් තරඟයකින්ද, ස්ටෑන්ඩට්/රේසින් පාපැදි තරඟයන්ගෙන්ද, කාන්තා ස්ටෑන්ඩට් පාපැදි තරඟයකින් සහ වයස අවුරුදු 50 ට වැඩි අයවලුන්ගේ තරඟයකින්ද සමන්විත විය.
පාපැදි තරගාවලියේ ශූරතාවය ලකුණු 118 ලබා ගනිමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය විසින් දිනාගත් අතර, ලකුණු 28 ක් ලබා ගනිමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුව විසින් අනුශූරතාවය දිනාගන්නා ලදි. රේසින් පාපැදි තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රීලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ කාරක සෙබල ඒ.ඩි.එස්. පෙරේරා විසින් දිනාගත් අතර, ස්ටෑන්ඩට් පාපැදි තරගයේ ප්‍රථම ස්ථානය විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.ඩි. මාරප්පෙරුම විසින් දිනාගන්නා ලදි. කාන්තා ස්ටෑන්ඩට් පාපැදි තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රීලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ආර්.එම්. ප්‍රනාන්දු ක්‍රිඩිකාව විසින් දිනාගන්නා ලදි.