07th August 2024 18:39:50 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂක ජනරාල් මේජර් ජෙනරල් ඒස්. ඒ. එන්.ජේ. ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත එක්දින පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. එතුමන්ගේ ඉල්ලීමකට අනුව CEAT කැලණි අන්තර්ජාතික ටයර් පෞද්ගලික සමාගම විසින් සුවිශේෂි පුහුණු වැඩමුළුවක් එම පරිශ්‍රයේ දී 2024 අගෝස්තු මස 02 දින පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තාක්ෂණික විශේෂඥතාව ඉහල නැංවීමෙන් යුද්ධ හමුදාවේ වාහන නඩත්තුව පිළිබඳව තාක්ෂණය වැඩිදියුණු කිරීමේ අරමුණින් ටයර් නිෂ්පාදනය සහ එ්වායේ තාක්ෂණික විස්තර පිළිබඳව මෙහිදී අවධානය යොමුකරමින් වැඩමුළුව පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරීන් 25 දෙනෙකු සහභාගී විය.
වැඩමුළුව සමාප්තියට පත්කරමින් CEAT කැලණි අන්තර්ජාතික ටයර් පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩලය වෙත නිලධාරීන් සිය කෘතඥතාව පළ කළහ