06th August 2024 12:31:46 Hours
අතිපූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු 2024 අගෝස්තු මස 05 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
රාජ්‍ය ගෞරව සහිතව පැවති මෙම අවමංගල්‍යය උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූහ. එම අවස්ථාව සඳහා සහභාගී වූ යුද්ධ හමුදාධිපති තුමන් බලවත් සංවේගයෙන් යුතුව තම ශෝකය ප්‍රකාශ කරනු ලැබීමෙන් අනතුරුව නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට සපැමිණ සිටි කිහිපදෙනෙකු සමඟින් පිළිසඳරක නියලීමටද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදී කටයුතු කරන ලදී.
අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල්, නාවික හමුදාධිපති, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින්, රාජ්‍ය නිලධාරීන්, ඔවුන්ගේ භාර්යාවන්, ඥාතීන් සහ මහජනතාවද සහභාගී වූහ.