Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2024 17:19:09 Hours

ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාව සහ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව සාර්ථකව විසිරයයි

ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාව නිලධාරි අංක - 34, සෙසුනිල අංක -37 සහ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව අංක -76 යන පාඨමාලාවන් හැදැරූ නිලධාරීන් 56 දෙනෙකු සහ සෙසුනිලයන් 246 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය 2024 ජූලි මස 31 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජනරාල් පාබල සහ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී සහභාගීවූ අතර, අනතුරුව, එතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පාඨමාලාව සාර්ථකව හදාරා විසිර යන නිලධාරින් සහ සෙසුනිලයන් හට පාඨමාලා ලාංඡන පලන්දවන ලදී.

මෙම විසරාමේ පෙලපාලියේදී පහත සදහන් නිලධාරීන් සහ සෙසු නිලයන් විශේෂ සම්මානයන් ගෙන් පිදුම් ලැබූහ.

ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාව නිලධාරි අංක - 34

සෑම අතින්ම අතිශූර නිලධාරි - කපිතාන් එච්.අයි. ජයවිලාල් - යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව.

ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාව සෙසුනිල අංක - 34 සෑම අතින්ම අතිශූර සෙබලා - කෝප්‍රල් ඩී.එම්. නවරත්න - 2 බලඇණිය විශේෂ බලකා රෙජිමේන්තුව.

විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව අංක -75

හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - ලාන්ස් කෝප්‍රල් ඒ.ජී.සී.එල්. වීරසිංහ - 8 බලඇණිය ගජබා රෙජිමේන්තුව.

දක්‍ෂතම වෙඩික්කරු - ලුතිනන් වයි.ජී.ටී. තිලකරත්න - ගජබා රෙජිමේන්තුව.

දක්‍ෂතම සෙබලා - කෝප්‍රල් ඩී.එම්.අයි. දිසානායක - 8 බලඇණිය ගජබා රෙජිමේන්තුව.

දක්‍ෂතම නිලධාරී - ලුතිනන් ඩබ්ලිව්.අයි.යූ. වර්ණසූරිය - විජයබාහු පාබල රෙජිමේන්තුව.

දක්‍ෂතම ඛණ්ඩය - 1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව