Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2024 19:27:58 Hours

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ යුද්ධ හමුදා සාමාජිකයින් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හට 2024 අගෝස්තු මස 05 දින එතුමන්ගේ කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.

2 ශ්‍රී ලංකා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් ඩී.එම්.එස්.එම්.කේ දසනායක, මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්.ජි.ඒ.කේ.කුලසූරිය, මාණ්ඩලික සැරයන් එන්.එන්.ඩී. සිල්වා සහ 3 ශ්‍රී ලංකා කාන්තා බලකායේ කෝප්‍රල් එම්. ඒ.ඒ. සංජීවනී යන ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන ක්‍රිකටි තරඟාවලියේදී දැක්වූ සුවිශේෂී දක්‍ෂතා වෙනුවෙන් ඔවුන් යුද්ධ හමුදාධිපතුමාගේ ඇගයීමට ලක් විය.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සිය අභිමානය සහ කණ්ඩායමේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් සිය සුභාශිංසන පළ කරමින් ඔවුන්ගේ කැපවීම, වෙහෙස මහන්සිවී වැඩ කිරීම සහ නොපසුබට උත්සාහය නිසා ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රසාදයට පමණක් නොව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ මව්බිමට ගෞරවයක් ගෙන දුන් බව එතුමන් විසින් ප්‍රකාෂ කරන ලදී.

කණ්ඩායම දිරිමත් කිරීම සඳහා මූල්‍ය පරිත්‍යාග සහ සමරු ඵලක ප්‍රදානය කිරීමෙන් උත්සවය අවසන් විය.