04th August 2024 16:19:26 Hours
නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසු නිලයන් 125 දෙනෙකුගෙන් සමන්විත එච්, අයි සහ ජේ කමාන්ඩෝ භට කණ්ඩායම්වලින් සමන්විත පාඨමාලා අංක - 51 හි විසිර යාමේ පෙළපාලිය 2024 අගෝස්තු මස 03 දින ඌව-කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණ.
1 බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය එම අවස්ථාවට සහභාගී වූහ.
එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති තුමන් කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති තුමන් සමඟ කමාන්ඩෝ පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ආර්.ආර්.සී කරුණාරත්න ආර්ඩබ්ලිව්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමත් සමඟින් භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළේය. අනතුරුව එතුමන් විසිරයාමේ පෙළපාලිය වෙත පැමිණෙන ලදී.
විසිර යාමේ පෙළපාලියේ දී පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිලධාරින් සහ සෙබළුන්ගේ දෙමාපියන් සහ සමීපතම ඥාතීන් විසින් කමාන්ඩෝ නිල ලාංඡන ඔවුන් හට පළන්දවන ලදී.
පසුව, හමුදාධිපතිතුමන් ප්‍රමුඛ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව විසිරයන නිලධාරීන් සහ සෙබළුගේ අනන්‍යතාවය සහ වෘත්තීය ගරුත්වය සංකේතවත් කරමින් ‘මෙරූන් හිස්වැසුම’ පලන්දවන ලදී.
අනතුරුව, කමාන්ඩෝ පාඨමාලාව පුරාවටම සුවිශේෂී දස්කම් දැක්වූ අයවළුන් හට විශේෂ ත්‍යාග ප්‍රදානය කිරීම යුද්ධ හමුදාධිපතිතුමාගේ සුරතින් සිදු විය.
දක්‍ෂතම කමාන්ඩෝ භටයාට හිමි සම්මානය ලුතිනන් ජී.සී.ඩී කාරියවසම් විසින් හිමිකරගත් අතර, දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ලුතිනන් ඊ.ඩී.සී ද සොයිසාටද, හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් යුතු සෙබලාට හිමි සම්මානය සාමාන්‍ය සෙබල පී.කේ.කේ.එස්. කුමාර විසින්ද හිමිකර ගනු ලැබීය.
විසිර යාමේ පෙළපාළියෙන් පසුව තූර්ය වාදක සංදර්ශනයක් සහ රැප්ලිං සංදර්ශනයක් පැවැත්වුනු අතර, පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටීමෙන් අනතුරුව, තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.
ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි පැරෂුට් පතිත කලාපයේදී කමාන්ඩෝ සාමාජිකයන් ඔවුන් සතු අසීමිත ශක්තිමත්භාවය, උපායමාර්ගික කුසලතාවයන් හා ප්‍රහාරක හැකියාවන් මනාව පිළිඹිබු කරමින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැඟවුණු වෙඩික්කරුවන්ගේ ඉලක්කගත කිරීම, කමාන්ඩෝ භටයින් හසුරවන විශේෂ ආයුද වෙඩි තැබීම්, කමාන්ඩෝ භටයින්ගේ සැබෑ ආත්ම ආරක්‍ෂක සටන් ක්‍රම, වැදගත් පුද්ගලයින් ආරක්‍ෂාකිරීම, ත්‍රස්ත මර්ධන ක්‍රියාන්විත නිදසුන්, කමාන්ඩෝ සුනඛ (K9) සංදර්ශන සහ නිදහස් ආර පැරෂුට් සංදර්ශන ආදී අංග රැසකින් යුත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ දස්කම් පෙන්වීම සිදු කරන ලදී.
අනතුරුව යුද්ධ හමුදාධිපති තුමන් විසින් විසිර ගිය කමාන්ඩෝ භටයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමග සුහද කථා බහක නිරත වූ අතර, අනතුරුව කමාන්ඩෝ විශ්වාසනීය පැනීමේ පුහුණු ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ විශ්වාසනීය පැනීමේ පිහිටි ඉදිකිරීම් ස්ථානයේද නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.
මෙරූන් රීච්හිදී, යුද්ධ හමුදාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සහ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. විසිර යාමේ පෙළ පාලියට සහභාගීත්වය වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති විසින් කෘතවේදීව පළකරමින් සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති තුමන් විසින් රෙජිමේන්තු අධිපතිවෙත ද සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී. මීට අමතරව, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මිය විසින් විසිර යාමේ පෙළපාලිය සැපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී.
යුද්ධ හමුදාධිපති තුමන් විසින් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තැබීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී, පූජ්‍ය පක්‍ෂය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, දිසාපතිවරුන්, විසිරයන කමාන්ඩෝ භටයින්ගේ ඥාතීන් සහ හිතමිතුරන් සහභාගී වූහ.