Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2024 17:35:22 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ කාර්මික කළමනාකරණ ඩිප්ලෝමා අංක - 2 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් (ජ්‍යෙකොනොනි) සඳහා හඳුන්වා දුන් කාර්මික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලා අංක - 02 ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී 2024 ජූලි මස 31 දින සාර්ථකව අවසන් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ මඟපෙන්වීම යටතේ, යුද්ධ හමුදා සාමාජිකයින් තාක්ෂණික විශේෂඥයන් බවට පත් කිරීම වෙනුවෙන් වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගය ඇතිව මාස හයක පාඨමාලාවක් පැවැත්විය.

පාඨමාලාව සම්පූර්ණ කරන ලද ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල පිළිගත් වෘත්තීය සුදුසුකමක් සඳහා සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී පාඨමාලාවේ අවසන් දේශනය සිදු කරමින් පාඨමාලා ලාබීන් පාඨමාලාව සාර්ථකව නිමා කිරිම සහ පාඨමාලාව කාලය තුලදී ඔවුන් කැපවීමෙන් ප්‍රගුණ කළ තාක්ෂණික කුසලතාවයන් පිළිබඳව අගය කිරීම සිදු කළේය.

සමාප්ති උත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ සහකාර අධ්‍යක්‍ෂක ඇතුළු පිරිසක් සහභාගී වූහ.