01st August 2024 00:27:29 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධ සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 27 දින 15 ( ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බලකාධිපතිතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්.බී.ටී.පී. ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළේය. ඒකකයේ කාර්ය මණ්ඩලය විසින් එම ඒකකයේ ජයග්‍රහණ, අභියෝග සහ අනාගත සැලසුම් පිළිබඳව එතුමන්ව දැනුවත් කරන ලද අතර, බලකාධිපතිතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිට කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කරන ලදී.
සිය දේශනය අතරතුර, බලකාධිපතිතුමන් විසින් වෘත්තීයභාවය සහ විනය පිළිබඳ උසස් ප්‍රමිතීන් අවධාරණය කරන ලදී. අනතුරුව, අණදෙන නිළධාරී තුමන් විසින් බලකාධිපතිතුමන් වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී.
නිල සංචාරයේ අවසානයේදී එතුමන් සියලු නිල තේපැන් සංග්‍රහයකට සහභාගී වෙමින් භට පිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරත විය. ඉන්පසු එතුමන් කඳවුරේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව, විශ්ෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තැබීය.