Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2024 10:22:43 Hours

2(ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් සිසුන් සඳහා නායකත්ව වැඩමුළුවක්

2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරී තුමාගේ මඟපෙන්වීම යටතේ ගාල්ල ජිනරතන මහා විද්‍යාලයේ සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් 2024 ජූලි මස 24 දින සාර්ථකව පවත්වන ලදී.

සිසුන් 148 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සැසියේ දී නායකත්ව ගුණාංග, කණ්ඩායම් සහයෝගිතා ක්‍රියාකාරකම් සහ ඵලදායී සන්නිවේදන ගුණාංග වැඩිදියුණු කිරීමේ අන්තර් ක්‍රියාකාරි වැඩසටහන් මෙන්ම ප්‍රයෝගික අභ්‍යාසන් තුලින් සිසුන් මූලිකත්වයගෙන ක්‍රියාකිරීම, සහයෝගීතාවයෙන් ගැටළු විසදීම සහ ඔවුන්ගේ චින්තන හැකියාව වැනි ගුණාංග වැඩිදියුණු කිරීමට හැකි විය.