Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2024 17:42:29 Hours

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති 213 පාබල බලසේනාවේ සංචාරයක නිරත විය

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී 213 පාබල බලසේනාව, 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, 2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ 2024 ජූලි මස 23 දින සංචාරයක නිරත විය.

213 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් විසින් සේනාංකාධිපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, එම බලසේනාවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කිරීමෙන් පසුව, එතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය ක‍ෙළේය. සේනාංකාධිපති තුමන් බලසේනාවේ පිහිටි දේශන ශාලාවේදී භට පිරිස් අමතමින් ඔවුන්හට අවැසි උපදේස් සහ නියෝග ලබාදීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

සේනාංකාධිපතිතුමන් 213 පාබල බලසේනාවේ එකයන් වෙත සහ ගජසිංහපුර ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩාව වෙත සංචාරය සිදුකරමින් සිය සංචාරය අවසන් කළේය.