28th July 2024 08:57:40 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් Diners’ Club වැඩසටහනක් කලත්තෑව එම බළකා පුහුණු මධ්‍යස්ථානයේදී 2024 ජූලි මස 24 දින පැවැත් විය.
සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානය,3,4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, 6 (අධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය සහ 7 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන එකක මට්ටමේ සහ අදාල ආරක්‍ෂක සේනා බළප්‍රදේශ වල මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින්ගේ දැනුම වැඩිදියුණු කිරීම, වෘත්තීයභාවය ඉහල නැංවීම සහ සංවිධානය කිරීමේ කුසලතාවය වර්ධනය කිරීම තුලින් හමුදා මූලඋපායික නායකයින් බිහිකිරීමේ අරමුණින් මේය සංවිධානය කරන ලදී.
සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානය,3,4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, 6 (අධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය සහ 7 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගී වූහ.
සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ඒ.එච්.ආර්. හසන්ත ආර්එස්පී පීඑස්සී විසින් එම බලකායේ බලකාධිපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමේන් පසුව සුහඳ සැසිය අරම්භ විය. ඉන් අනතුරුව Diners’ Club දේශණය ආරම්භ විය. 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එම්.වී.එම්.ආර්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් දේශනය අවසානයේ ස්තුති කතාව සිදු කල අතර, Diners’ Club වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් රැස්ව සිටි සියලු පිරිස රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී විය.