Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2024 07:44:44 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ සහ එහි බලඇණිවල නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 23 දින වන්නි භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය සහ එම මූලස්ථානය යටතේ පාලනය වන බලඇණිවල සංචාරයක නිරත විය.

සංචාරයේ නියුතු ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් පීටීඑස්සී ඇතුළු ඒකකවල අණදෙන නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ සහ බලඇණිවල වගකීම්, කාර්ය භාරයන් සහ කර්තව්‍යයන් පිළිබඳව එතුමන් දැනුවත් කරන ලදී.

මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් එම භට පිරිස් ආමන්ත්‍රණය කරමින් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඔහුන් ඉටුකරනු ලබන සේවය ඇගයිමට ලක් කළේය.

ඉන් අනතුරුව ඔහු කාර්යාල සංකීර්ණය ඉදිරිපිට අඹ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

වැඩසටහනේ සමාප්තිය සිදුකරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශේෂ අමුත්තන්ගෙ පොතේ සමරු සටහණක්ද තැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගි වූහ.