Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2024 07:44:23 Hours

23 පාබල සේනාංක මූලස්ථානය තම 27 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

23 පාබල සේනාංකය අභිමානවත් 27 වන සංවත්සර දිනය තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඒම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මූලිකත්වයෙන් 2024 ජූලි මස 23 දින වැඩසටහන් මාලාවකින් සමරණු ලැබීය.

27 වන සංවත්සර උත්සවයට සමගාමීව 23 පාබල සේනාංකයේ කාර්ය මණ්ඩලය විසින් 2024 ජූලි 22 දින සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. ඒ අනුව සේනාංකයේ භට පිරිස් සහභාගිත්වයෙන් බෞද්ධ ආගමික වතාවන් සෙවණපිටිය විහාරස්ථානයේදීද, හින්දු ආගමික වතාවන් මනම්පිටිය හින්දු කෝවිලේදීද, කිතුනු ආගමික වතාවන් පලුගස්දමන ශුද්ධ වූ ජපමාලා දේවමතා ක්‍රිස්තියානි දේවස්ථානයේදීද සහ ඉස්ලාමීය ආගමික වාත්වන් රිදීතැන්න අබු බද්දර් සිදාබ් ජුම්මා පල්ලියේදීද පැවැත් විම කටයුතු කරන ලදී.

සැමරුම් උත්සවයට සර්ව ආගමික සම්ප්‍රදායන් ඇතුළ වූ බැවින් අනිකුත් ආගම් සඳහා ගරු කිරිම මෙම වැඩසටහනේදී කැපීපෙනන අවස්ථාවක් විය.

23 පාබල සේනාංකයේ සංවත්සර දිනය හමුදා සම්ප්‍රදායානුකූලව 2024 ජූලි මස 23 දින සේනාංකාධිපතිගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපති තුමන් වෙත 4 ගැමුණු හේවා බලකායේ භට පිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළේය. අනතුරුව, එතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙණි සිට එම කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය.

අනතුරුව, සංවත්සර දිනට සමගාමීව, එම සේනංකයට අයත් බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ගේ සහභාගීත්වයෙන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබීය.

සංවත්සර දිනයේ වැඩකටයුතුවල සමාප්තිය සනිටුහන් කරමින් සේනාංකාධිපති තුමන් විසින් සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් ආමන්ත්‍රණය කරන ලදී.