Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2024 18:09:33 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර 143 පාබල බලසේනාවේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩිසී පීඑස්සී 2024 ජූලි මස 24 දින 143 පාබල බලසේනාවේ සංචාරයක නිරත විය.

බලසේනා මූලස්ථානය වෙත සැපැමිණි සේනාංකාධිපති තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකර යැමේ ගෞරවාචාරය පුද කිරීමෙන් අනතුරුව 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී. විමලසේන ආඩර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් වගකීම්, කාර්යභාරයන් සහ වත්මන් තත්ත්වය පිළිබඳව එතුමන් දැනුවත් කිරිම සිදුකරනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සිය සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කිරිම සිදු කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර භට පිරිස් අමතමින් සෙබළුන් අතර විනය පවැත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. ඉන්පසු එතුමන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කාර්ය මණ්ඩලය වෙත වියලි සලාක පාර්සල් බෙදාදීමට කටයුතු කරන ලදී. අනතුරුව ආඥාපති තුමන් විශේෂ අමුත්තන්ගෙ සමරු සටහන් පොතේ සටහනක් තබමින් උත්සවයේ සමාප්තිය සනිටුහන් කළේය

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.