Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2024 18:05:33 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා අපරාධ වැළැක්වීම සහ විනය පිළිබඳ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ මඟපෙන්වීම යටතේ, අණදෙන නිළධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ දේශන ශාලාවේදී 2024 ජූලි මස 23 දින දේශනයක් පවත්වන ලදී

මෙම දේශනය ආරම්භයේදී මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී වීඑස්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් යුද්ධ හමුදාවේ විනය සහ පැවැත්ම පිළිබද අවධාරණය කරමින් දේශනයක් පැවැත් විය.

ඉන්පසු 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධරි මේජර් වී.එන්.එම් ජයසේකර යූඑස්පී එල්එස්සී විසින් දේශනය මෙහෙයවූ අතර, සංවිධානාත්මක අපරාධ, මූල්‍ය වංචා, මත්ද්‍රව්‍ය භාවිතය, මත්ද්‍රව්‍ය ජාවාරම්, ළමා අපචාර සහ මාර්ගගත (ඔන්ලයින්) සූදු ඇතුළු මාතෘකා ගණනාවක් යටතේ මෙම දේශනයනය සිදු කළේය.