28th July 2024 12:45:39 Hours
මේ වසරේ ඔක්තෝම්බර් මස පැවැත් වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනයට සමගාමීව නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසය යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් 2024 ජූලි 27 දින එච්.ජි. සුසිලා නවරත්න මහත්මිය වෙත පවරා දෙන ලදි.
ශ්‍රි ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ මගපෙන්වීම යටතේ 3 ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඒ.ඩී.එච්.එම්. නුවන් යූඑස්පී එල්එස්සී අධීක්ෂණය යටතේ එම ඒකකයේ භට පිරිස් විසින් නව නිවස ඉදිකරන ලදී.
නව නිවස ඉදිකිරීම සඳහා අනුර බණ්ඩාර , සමන්ති කුමාරි, අනුලා කුමාරිහාමි , රං බණ්ඩාර සහ මුතු මැණිකා කුමාරිහාමි මහත්ම මහත්මීන් විසින් ඉඩම පරිත්‍යාග කරන ලදී. තවද නව නිවසට බොහෝ පුද්ගලයන්ගේ අමතර සහායද හිමි විය.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් ද සහභාගී විය.