Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2024 16:34:54 Hours

අනෝමා ලෆීර් මහත්මිය යුද්ධ හමුදාධිපති හමුවෙයි

දිවංගත කර්නල් ෆස්ලි ලෆීර් පීඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ භාර්යාව වන අනෝමා ලෆීර් මහත්මිය 2024 ජූලි මස 25 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

1996 ජූලි 18 දින එල්.ටී.ටී.ඊ විසින් වටලනු ලැබූ මුලතිව් හමුදා කඳවුර මුදාගැනීමේ මෙහෙයුමේ දී කර්නල් ෆස්ලි ලෆීර් මව්බිම වෙනුවෙන් සිදුකල වීරෝදාර පරිත්‍යාගය පිළිබද යුද්ධ හමුදාධිපති තුමන් මෙම හමුවේදී සිහිපත් කල අතර, මුලතිව් හමුදා කඳවුර ගලවා ගැනීමේ මෙහෙයුමට නායකත්වය ලබාදීමට ස්වේච්ඡාවෙන් ඉදිරි පත්වී එතුමන් සතුරු ප්‍රහාරයන් මද්දයේ ගුවනින් ගොඩබැස දරුණු ලෙස තුවාල ලබාසිටියද එතුමන් යුධ පිටියේ දී බෝම්බ පිපිරීමකට ගොදුරු වන තෙක් භටපිරිස් වෙත නායකත්වය දුන්නේය.

තම සහෝදර සොල්දාදුවන් 1500කගේ ජීවිත ආරක්‍ෂා කිරිම වෙනුවෙන් ඉදිරිපත් වූ එතුමන් එම ක්‍රියාන්විතයේ දී මව්බිම වෙනුවෙන් සිය ජිවිතය පූජාකරන ලදී. ත්‍රිවිද හමුදා සාමාජියකුට පිදෙන ඉහලම සම්මානය වන “පරම වීර විභූෂණ” (පීඩබ්ලිව්වී) සම්මානය එතුමන්ගේ නිර්භීතකම සහ වීරත්වය අගයමින් පිදුම් ලද අතර, කර්නල් ෆස්ලි ලෆීර් ගේ අභාවයෙන් පසු එතුමන් කර්නල් නිලයට උසස් කරන ලදී

මෙම හමුවේදී දිවන්ගත කර්නල් ෆස්ලි ලෆීර් පීඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ඉටු කරන ලද අසමසම සේවාව යුද්ධ හමුදාධිපති විසින් ඇගයීමට ලක් කරමින් අවසානයේ අනෝමා ලෆීර් මහත්මිය වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.