27th July 2024 09:35:45 Hours
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සිය පළමු නිල සංචාරය වශයෙන් 2024 ජූලි මස 23 දින 122 පාබල බලසේනාව, 12 ගජබා රෙජිමේන්තුව සහ 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සංචාරයක නිරත විය.
122 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ ඒකකයන් හි අණදෙන නිලධාරීන් විසින් සේනාංකාධිපති උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම සංචාරයේදී අදාළ බලසේනාවේ සහ බලඇණිවල වගකීම්, කාර්යභාරය පිළිබඳව එතුමන් දැනුවත් කිරිම සිදුකරනු ලැබීය.
සේනාංකාධිපතිතුමන් භට පිරිස් අමතමින් පාද යාත්‍රාවේ හා රුහුණු මහා කතරගම දේවාලයේ සහ ඇසළ පෙරහැරේ දී ඉටු කළ කාර්යභාරයන් පිළිබදව එතුමන් සිය ප්‍රසාදය පළ කළේය. ජාතික ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදාවේ දායකත්වයේ වැදගත්කම, සියලු නිලයන් අතර ඉහළ විනයක් පවත්වා ගැනීම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වීමේ අවශ්‍යතාව එතුමන් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.