26th July 2024 14:36:47 Hours
වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 22 වන අධ්‍යක්‍ෂක ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස් ද සිල්වා 2024 ජුලි මස 24 දින පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිහිටි කාර්යාලයේ දී පැවති සරල උත්සවයකින් ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
නව අධ්‍යක්‍ෂක තුමන් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන්න තබා නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.