26th July 2024 12:45:12 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 15 දින 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත වූයේය.
ඒකක මූලස්ථානය වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ එල්එස්සී විසින් එතුමන්ව උණූසුම් අයුරින් පිළිගනු ලැබීය.
පසුව, එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් ඒකකයේ කාර්යභාරයන් සහ වගකීම් සබැඳිව කර්නල් සේනාවිධායකතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව, එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය.
ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිය දැනුම භටපිරිස් වෙත ලබාදෙමින් ඔවුන්ට අවැසි මඟපෙන්වීම්ද ලබාදුන්නේය. ඒකක මූලස්ථානයේ සංචාරය සනිටුහන් කරමින් එම ඒකකයේ නිලධාරින් සහ සෙසුනිලයන් නියෝජනය කරමින් අණදෙන නිලධාරිතුමන්ගේ සුරතින් කර්නල් සේනාවිධායකතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. පසුව, සමූහ ඡායාරූපයකට පෙනීසිටි එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී විය.
සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම ඒකකයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක්ද තැබීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගී වූහ.