26th July 2024 08:13:48 Hours
ගැමුණු හේවා බළකායේ බ්‍රිගේඩියර් එල්.ජී.බී. කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 ජූලි මස 23 දින සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
නව අධ්‍යක්‍ෂ තුමන් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබා නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
මෙම පත්වීමට පෙර බ්‍රිගේඩියර් එල්.ජී.බී. කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 57 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ධූරයේ රාජකාරි හොබවා ඇති අතර, තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ධූරය හෙබවූ මේජර් ජෙනරල් ටී.සී පීරිස් ආර්එස්පී යූඑස්පී ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත්කරන ලදී.
මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගි වූහ.