Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2024 08:13:31 Hours

බදුල්ල කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම හමුවෙයි

බදුල්ල කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙඳමුල්ල මහතා 2024 ජූලි මස 23 දින ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල්. රොද්‍රගෝ ආර්එස්පී පීඑස්සී අයිජි හමුවිය.

මෙම සුහද හමුවේ දී ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බලප්‍රදේශයේ ආරක්‍ෂාව සාමය පවත්වා ගැනීම පිළිබද කරුණු සාකච්ඡා කළේය. මෙහිදී ආරක්‍ෂ සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවය නියුතු භටපිරිස් සහ සබරගමුව සහ ඌව කොට්ඨාශවල රාජකාරි කරන පොලිස් නිලධාරීන් අතර, ඵලදායි සහයෝගිතාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත් කම අවධාරණය කළේය.