Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2024 08:13:17 Hours

12 පාබල සේනාංකය රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැරට සහය දක්වයි

2024 ජුලි මස 6 දින සිට 2024 ජුලි මස 22 දක්වා රුහුණු මහා කතරගම දේවාලයේ පවත්වනු ලැබූ ඇසළ මහ පෙරහැර සඳහා 12 පාබල සේනාංකයේ භට පිරිස් ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව ආරක්‍ෂාව සපයන ලදී.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම් ජේ.එස්.බී පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උපදෙස් මත බලසේනාධිපතිවරුන්ගේ සහ බලඇණිවල අණදෙන නිළධාරීන්ගේ සමීප අධීක්‍ෂණය යටතේ භට පිරිස් විසින් බැතිමතුන්ට ආරක්‍ෂාව සැපයීම සහ වෛද්‍ය ආධාර සැපයීම සිදු කළේය. එසේම කතරගම දේවාලය ආසන්නයේ පැවැත්වූ දන්සල වෙනුවෙන්ද යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ. 2024 ජූලි මස 6 දින සිට 2024 ජූලි මස 21 දින දක්වා ආසන්න වශයෙන් 20,000 කට වැඩි බැතිමතුන් ප්‍රමාණයක් දන්සැලෙන් ආහාරපාන ලබා ගත්තේය.