25th July 2024 20:18:24 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 23 දින නිල සංචාරයක නිරත වූයේය.
සංචාරයේ නිරත කර්නල් සේනාවිධායකතුමන් 4 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජී.ඒ. බන්දුල යූඑස්පී එල්එස්සී විසින් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.
ඉන් අනතුරුව, අණදෙන නිලධාරිතුමන් විසින් එම ඒකකයේ කාර්යභාරයන්, වගකීම් සහ එම ඒකකයේ සාමාජිකයන් විසින් ලබාගත් ජයග්‍රහණ පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකර යුද්ධ හමුදාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් එහි වැදගත්කම පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළේය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කර්නල් සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක ද නිරතවිය. ඒකකයේ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී විය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් ඒකකයේ සාමාජිකයන්ගේ කැපවීම සහ වෘත්තීමයභාවය ඇගයීමට ලක් කළේය.
සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් තැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගි වූහ.