24th July 2024 16:58:46 Hours
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් ‘දේශප්‍රේමය සහ කැපවීම යුද්ධ හමුදා නිලධාරියෙකුගේ දෘෂ්ටිකෝණයෙන්’ (Patriotism and Dedication from an Army Officer’s Perspective) තේමාව ඔස්සේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී 2024 ජූලි මස 23 දින දේශනයක් පැවැත්වීය.
මවුබිම නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩනඟාගැනීමේ වැදගත්කම පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මෙම දේශනය පැවැත්විණි. වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනක් ද පැවැත්විණි. දේශනය සමාප්තියේ, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.