23rd July 2024 18:56:52 Hours
නව නිවාස ඉදිකිරීමටත්, අර්ධ වශයෙන් ඉදිකරනු ලැබූ නිවාසයන්හී ඉදිකිරීම් කටයුතු නිමකිරීම සඳහාත් 2024 ජූලි මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා සාමාජිකයන් වෙත මූල්‍ය දිරිදීමනා ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් කළමනාකරණය වන රණවිරු නිවාස අරමුදලේ 9 වන අදියර යටතේ නව නිවාස 15 ක් සඳහා මූල්‍ය ප්‍රදානයන් සිදුකිරීම සහ අර්ධ වශයෙන් ඉදිකරනු ලැබූ නිවාස 105 ක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අනුමැතිය ලබාදෙනු ලැබිණි. නව නිවසක් ඉදිකිරීම සඳහා අරමුදල් ලබන සෑම ප්‍රතිලාභියෙකුටම රුපියල් මිලියන 1.5 ක් වෙන් කෙරෙන අතර අර්ධ වශයෙන් නිවාස ඉදිකර ඇති යුද්ධ හමුදා සාමාජිකයන්ගේ නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු නිමකිරීම සඳහා රු. 750,000 ක් මෙම නිවාස යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභින් වෙත හිමිගැන්වේ.
විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී සහ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර්. විජේදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
රණවිරු නිවාස අරමුදල පිළිබඳ රණවිරු සේවා අධ්‍යක්‍ෂතුමන් විසින් සිදුකරනු ලැබූ හඳුන්වාදීමකින් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී එක්ව ප්‍රතිලාභීන් 40 දෙනෙකු වෙත සංකේතාත්මකව මුදල් ප්‍රේෂණපත් කරනු ලැබූහ.
රණක්‍ෂිතයට පත් හා සේවයේ නියුතු, විශ්‍රාමික සහ දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් නව නිවෙස් හිමිකරදීමේ අරමුණින් රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් 2015 වර්ෂයේ සිට මෙම රණවිරු නිවාස අරමුදල ක්‍රියාත්මක කරනු ලබයි. වැඩසටහන ආරම්භයේ සිට මෙම අරමුදල තුළින් නව නිවාස 309 ක් ඉදිකිරීමට සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස 223 ක ඉදිකිරීම් කටයුතු නිම කිරීමට හැකියාව ලැබී ඇත.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.