Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2024 05:35:31 Hours

112 පාබල බලසේනාවේ භටපිරිස් මකුල්ඇල්ල වනාන්තර ප්‍රදේශයේ පැතිරගිය ලැව්ගින්නක් මැඩපවත්වයි

112 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 ජූලි මස 21 දින මකුල්ඇල්ල වනාන්තර ප්‍රදේශයේ සීඝ්‍රයෙන් පැතිරගිය ලැව්ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කරනු ලැබීය.

23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 28 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ක්‍රියාන්විතය සඳහා කඩිනමින් මැදිහත් වී එම ගින්න නිවාදැමූහ. ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ මඟපෙන්වීම මත ඔවුන් මෙම ගින්න මැඩපවත්වමින් තවදුරටත් සිදුවීමට ගිය විශාල හානිය වැළැක්වීමට කටයුතු කරනු ලැබීය.