Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2024 05:41:48 Hours

ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, 7 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක

ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 15 දින 7 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

ඒකක මූලස්ථානය වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එම්.පී.එස්. නදීශාන් එල්එස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, අණදෙන නිලධාරිතුමන් විසින් එම ඒකකයේ කාර්යභාරයන් සබැඳිව කර්නල් සේනාවිධායකතුමන් දැනුවත් කළේය. අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කර්නල් සේනාවිධායකතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදී.

පසුව, එතුමන් විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් අනාගත අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය මඟපෙන්වීම් සහ එතුමන් සතු දැනුම භටපිරිස් වෙත ලබාදෙනු ලැබීය. ඉන් අනතුරුව, එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් නියෝජනය කරමින් අණදෙන නිලධාරීතුමන්ගේ සුරතින් කර්නල් සේනාවිධායකතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනීසිටි මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඉන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහකටද සහභාගී විය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන්ගේ සුරතින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.