23rd July 2024 05:00:30 Hours
යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 16 දින වටරැක ප්‍රදේශයේ ස්ථාපිත 6 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවූයේය.
ඒකක මූලස්ථානය වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්.පී. හේරත් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකළහ. පසුව, එම ඒකකයේ කාර්ය මණ්ඩලය විසින් එම ඒකකයේ ජයග්‍රහණ, අභියෝග සහ අනාගත සැලසුම් පිළිබඳව කර්නල් සේනාවිධායකතුමන් දැනුවත් කළහ. අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම ඒකකයේ නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක්ද රෝපණය කළේය.
පසුව, හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෘත්තීයභාවය සහ විනය උසස් මට්ටමින් පවත්වාගැනීම පිළිබඳ අවධාරණය කරන ලදී. අනතුරුව, එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන් විසින් කර්නල් සේනාවිධායකතුමන් ඇගයීමට ලක්කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවති අතර එහිදී, කර්නල් සේනාවිධායකතුමන් භටපිරිස් සමඟින් සුහඳ පිළිසඳරක නිරත වී අනතුරුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයකද නිරත වූයේය. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.