Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2024 12:14:08 Hours

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව දඹුලු තාක්‍ෂණික ව්‍යාපෘති මණ්ඩපයේ සමාරම්භක උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව දඹුලු තාක්‍ෂණික ව්‍යාපෘති මණ්ඩපයේ සමාරම්භක උත්සවය 2024 ජූලි මස 21 දින දඹුල්ලේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් සහ යුද්ධ හමුදාධිපතිතුමන් එක්ව සමරු ඵලකය නිරාවරණය කරනු ලැබූහ. ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය අමුත්තන් අසුන් ගැනීමෙන් අනතුරුව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ.ඩී. කුමාර වීඑස්වී යූඑස්පී පීඑස්සී එම් මැරිටයිම් පෝල් බීඑස්සී (ඩීඑස්) විසින් පිළිගැනීමේ කථාව පැවැත්වීය.

ඉන් අනතුරුව, රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජාතියේ තරුණ තරුණියන්ගේ සහ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ අනාගතය හැඩගැස්වීමේදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වැනි අධ්‍යයන ආයතනවල තීරණාත්මක කාර්යභාරයෙහි වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. තවද, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී මෙන්ම රටේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීමේදී මෙම ආයතනයෙහි වැදගත්කම පිළිබඳව ද එතුමන් අවධාරණය කළේය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය දක්‍ෂිණ මණ්ඩපයේ නිර්මිත පරිසර හා අවකාශ විද්‍යා උපාධි අපේක්‍ෂකයින්ගේ ව්‍යාපෘතීන් පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සුහඳ තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් දිසාපති, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.