23rd July 2024 05:45:12 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 6 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ටී.සී. පීරිස් ආර්එස්පී යූඑස්පී 2024 ජූලි මස 18 දින මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ටී.සී. පීරිස් ආර්එස්පී යූඑස්පී වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. පසුව, ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට පෙනී සිටි එතුමන් පසුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.