20th July 2024 22:41:02 Hours
23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හල්දුම්මුල්ල රක්‍ෂිතයේ හටගත් ගින්නක් 2024 ජුලි මස 19 දින කඩිනමින් පාලනය කරන ලදි.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් ලබාදෙන ලද උපදෙස් පරිදි නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසුනිලයන් විසිහතර දෙනෙකු විසින් සීඝ්‍රයෙන් පැතිර යන ලැව්ගින්න නිවාදැමීමට කඩිනම් පියවර ගන්නා ලදී. එමඟින් සිදුවන්නට ගිය විශාල හානියක් වළක්වාගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි.