20th July 2024 22:32:15 Hours
28 වන සමරු උත්සවය වෙනුවෙන් 1 විශේෂ බළකා රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී මුලතිව් සටනේ දී මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට උපහාර පුදකිරීමේ උත්සවයක් 2024 ජූලි මස 19 දින පවත්වන ලදී.
මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ මෙම උත්සවය පැවැත්විණි. උත්සවයේදී දිවංගත කර්නල් ඒ.එෆ්. ලෆිර් පීඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසුනිලයන් 36 දෙනෙකුගේ ගුණානුස්මරණ කටයුතු සිදුකරන ලදී.
මාතලේ මඩවල උල්පත ප්‍රදේශයේ පිහිටි වර්ණකුලසූරිය වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ආහාරපාන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් ද එම බලකාය විසින් සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවන්ට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.