Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2024 22:36:46 Hours

53 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි

53 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 18 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, 5 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ. මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව, එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

හමුදා සම්ප්‍රදායානුකූලව එතුමන් සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් අමතමින් සේනාංකය පිළිබඳ තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව, එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.